ප්‍රෝටීන් බහුල ආහාර වේලක් (Recipes)

Bread, Ham, Tight Max, Egg, Fried, Food, Eat

RitaE


කාය වර්ධන ව්‍යායාම කරන බොහෝ දෙනෙක් ප්‍රෝටීන් බහුල ආහාර වේල් ලබාගත යුතු වෙනවා. එහෙම අයට වගේම තව කැමති අයටත් පාවිච්චි කරන්න පුළුවන් ආකාරයේ අදහස් කිහිපයක් තමයි පහත සඳහන් කරලා තියෙන්නෙ. 

රෙසිපි තුනේ තියෙන ඒවා සැලඩ් එකක් වගේ මිශ්‍ර කරගෙන කන්න පුළුවන්.


Recipe 1:


ග්‍රිල් කරන ලද කුකුළු මස්  85 g
සිහින්ව කපා ගත් කැරට් කෝප්ප 1/4
සිහින්ව පෙති කපා ගත් පිපිඤ්ඤා කෝප්ප 1/4
හතරට කපා ගත් මිදි ගෙඩි 10
ආමන්ඩ් ඇට 10
ඔලිව් ඔයිල් මේස හැඳි 1
කුඩා  Wholemeal  පීටා බ්‍රෙඩ් 1
Low-fat  කොටේජ් චීස් කෝප්ප 1/4

Image result for pita bread


පීටා බ්‍රෙඩ් එකක් ඔය ඉහත පින්තූරයේ තියෙන විදියට දෙකට කැපුවම සාක්කු දෙකක් වගේ විවර කරන්න පුළුවන්. ඔයාලට තියෙන්නෙ ඉහත සඳහන් කළ අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරලා ඒ සාක්කුව ඇතුලට දාගෙන කන එකයි.

පින්තූරය යටින් තියෙන ලින්ක් එකට ගියාම පීටා බ්‍රෙඩ් හදාගන්න හැටි දැනගන්න පුළුවන්.


Recipe 2:


කුඩාවට කැබලි කරගත්, කැමති මස් වර්ගයකින් 100 g
සිහින් චීස් පෙති 1
යාන්තම් තම්බාගත් බ්‍රොකොලි කෝප්ප 1/4
සිහින්ව ලියාගත් අමු කැරට් කෝප්ප 1/2
Plain low-fat  ග්‍රීක් යෝගට් කෝප්ප 1/2


Recipe 3:


ග්‍රිල් කරන ලද කුකුළු මස්  85 g
මිශ්‍ර සලාද කොළ කෝප්ප 2
පෙති කපාගත් හොඳින් තම්බන ලද බිත්තර සුදු මද 1
සූරියකාන්ත ඇට මේස හැඳි 2
Low-fat goat චීස් කෝප්ප 1/4
ඔලිව් ඔයිල් මේස හැඳි 2



Comments