EcoLunchBox
දරුවන්ට ඉස්කෝලෙ ගෙනියන්න කෑම පෙට්ටියක් තෝරගන්න ගියාම කඩේ තියෙන එක, එක ජාතියේ පෙට්ටි වලින් මොකක්ද සුදුසුම කියලා වෙලාවකට හිතාගන්න බැරිව යනවා. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම දෙයක් තමයි කෑම පෙට්ටිය හදලා තියෙන ද්‍රව්‍යය තමුන්ගෙ දරුවාට හානිකර දෙයක් නොවෙන එක. ඒ වගේම වැදගත් දෙයක් තමයි මේක පිරිසිදු කරන්නේ ඔබ නිසා, ඒක ඔබට පහසුවෙන් පිරිසිදු කර ගැනීමට හැකිවීම.
කෑම පෙට්ටියක් මිළදී ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ මොනවා ගැනද?
- BPA Free - කෑම පෙට්ටියක් ඇතුලේ කෑම දාන්න තරම් එය සෞඛ්‍යසම්පන්න විය යුතුයි.
- ආහාරවල නැවුම් බව ආරක්ෂා කිරීම - පෙට්ටිය හොඳින් වැසිය හැකි, ආවරණයක් රහිතව ඇති ආහාරවල නැවුම් බව ආරක්ෂා කරන්නක් විය යුතුයි.
- පහසුවෙන් පිරිසිදු කළ හැකිවීම - එක පියනකින් පමණක් යුතු එකක් නම් පිරිසිදු කොට වියලා ගැනීම පහසු වෙනවා.
- පෙට්ටිය ඇතුලත කොටස් වලට වෙන් කර තිබීම - මේ වෙන් කරලා තියෙන කොටස්වල එකිනෙකට වෙනස් විවිධ කෑම වර්ග ඇසිරිය හැකියි.
- එසේ වෙන් කරන ලද කොටස්වල අවශ්‍ය පරිදි ඉඩ තිබීම - දරුවන්ගේ අවශ්‍යතාවයට අනුව අදාල කෑම ප්‍රමාණය ඇසිරීම සඳහා ප්‍රමාණවත් ඉඩක් තිබිය යුතුයි.
- ප්‍රමාණය - එය දරුවාගේ පාසැල් බෑගයේ ප්‍රමාණයට සරිලන, එතුල විශාල ඉඩක් අත්පත් කරගන්නා එකක් නොවිය යුතුයි.
- ඩිෂ්වොෂරයේ දමා ආරක්ෂිතව සේදිය හැකිවීම - කාර්යබහුල, ඩිෂ්වොෂරයක් ඇති දෙමව්පියන්ට අතේ සේදීමට කාලය වැය කිරීම අවශ්‍ය නොවන බැවිනි.
- ගබඩා කර තැබීමට පහසුවීම - පාවිච්චි නොකරන අවස්ථාවලදී පහසුවෙන් ගබඩා කළ හැකි, විශාල පෙට්ටියක් නොවීම.
වර්තමානයේ වෙළඳ පොලේ ඇති විවිධාකාරයේ කෑම පෙට්ටි
මේ පින්තූරවල තියෙන ආකාරයේ වගේම තවත් විවිධ හැඩයෙන් යුතු කෑම පෙට්ටි ඔබට Amazon වෙතින් මිළදී ගත හැකියි. නමුත් ඒවා ඔබට ළඟින්ම ඇති වෙළඳ සැල්වල තිබෙන කෑම පෙට්ටිවලට වඩා මිළෙන් අධික විය හැකියි.
Comments
Post a Comment