Salad Dressings

Olive Oil, Salad Dressing, Cooking, Olive, Healthy
pixabay: stevepb

කෑම වේලකට සලාදයක් එකතු කරගත්තම ඒකෙන් ලැබෙන වැදගත්ම දේ පෝෂණය වෙනවා වගේම විවිධ පාට ගොඩකිනුත් යුතු නිසා කෑම මේසයට අලංකාරයකුත් එකතු වෙනවා.  සලාදයක් හදනකොට ඒකට එකතු කරන බොහොම සරල ඩ්‍රෙසිං එකකින් පුළුවන් සලාදයේ රස වැඩි කරගන්න. ඔබත් මං වගේම නම් සමහර වෙලාවල් ඇති හැමදාම හදන රසය නැතිව මොකක් හරි වෙනස් රසයක් එකතු කරගන්න විදියක් ගැන මොහොතක් හිතන්න වෙන. අන්න එහෙම අයට තමයි අද මේ පෝස්ට් එක. 

Lemon-Thyme Dressing

අළුතින් මිරිකා ගත් ලෙමන් යුෂ මේස හැඳි 2
සිහින්ව කපාගත් සුදු ලූණු බික් 1
ඩීජොන් මස්ටර්ඩ් (අබ) තේ හැඳි 1/2
තයිම් කොළ තේ හැඳි 2
ඔලිව් තෙල් කෝප්ප 1/4
ලුණු තේ හැඳි 1/4
අළුතෙන් කුඩු කරගත් කළු පැහැති ගම්මිරිස් කුඩු රස අනුව

මධ්‍යම ප්‍රමාණයේ බෝල් එකක් අරගෙන ලෙමන් යුෂ, තයිම්, සුදු ලූණු, අබ, ලුණු, ගම්මිරිස් ඒකට දාලා විස්ක් එකකින් හොඳින් මිශ්‍ර කරන්න. ඒක හොඳින් මිශ්‍ර උනාට පස්සෙ ඔලිව් තෙල් ටික හෙමිහිට නූලක් වගේ වැක්කෙරෙන විදියට ඒකට එකතු කරන ගමන් හැමදෙයක්ම හොඳින් මිශ්‍ර වෙලා තුනී වෙනකම් නොනවත්වාම විස්ක් කරන්න.

Lemon and Lemongrass Dressing

පොල් කිරි කෝප්ප 1/2
ඉතාමත් සිහින්වට කපා ගත් ලෙමන්ග්‍රාස් (සේර ) තේ හැඳි 2
ලෙමන් යුෂ තේ හැඳි 2
සෝයි සෝස් තේ හැඳි 1
ග්‍රේටරයකින් ගාගත් ඉඟුරු තේ හැඳි 1
ලුණු සහ ගම්මිරිස් කුඩු රස අනුව

සියල්ල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.


Mediterranean Dressing

ෂෙරි විනාකිරි මේස හැඳි 1
ඉතා සිහින්ව කපාගත් සුදු ලූණු බික් 1
වියළි ඔරිගානෝ තේ හැඳි 1/2
Sun-dried tomato පෙති 1
ඔලිව් තෙල් කෝප්ප 1/4
ලුණු සහ ගම්මිරිස් කුඩු රස අනුව

සියල්ල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.


Lemon and Tahini Dressing

(ටහිනි කියලා කියන්නෙ පේස්ට් එකක් විදියට අඹරා ගත්තු තල ඇටයි.)

ටහිනි කෝප්ප 1/4
ලෙමන් යුෂ මේස හැඳි 2
වතුර මේස හැඳි 3
ඉතා සිහින්ව කපාගත් සුදු ලූණු බික් 1
මේපල් සිරප් තේ හැඳි 1/2

ලුණු සහ ගම්මිරිස් කුඩු රස අනුව

සියල්ල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.

මේ තියෙන්නෙ මං කියූ ඩ්‍රෙසිං එකම ටිකක් වෙනස් විදියකට





Ginger and Miso Dressing

මං හරිම ආසයි ජපන් ක්‍රමයට හදන කෑමවලදි එකතු කරන මිසෝ පේස්ට් එකේ රසයට. මිසෝ සුප් එකත් රස බලන්න වටිනම එකක්.

මිසෝ පේස්ට් මේස හැඳි 2
රයිස් විනාකිරි මේස හැඳි 2
සෝයි සෝස් මේස හැඳි 1
ඉතා සිහින්ව ලියාගත් ඉඟුරු තේ හැඳි 1
ඔලිව් තෙල් මේස හැඳි 2
ලුණු සහ ගම්මිරිස් කුඩු රස අනුව

සියල්ල බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.

මේ තියෙන්නෙ මං කියූ ඩ්‍රෙසිං එක






Comments