Online Interior Design Service

Desk, Table, Simple, Mockup, White Background

pixabay: Coffee

හා හාපුරා කියලා අළුත් නිවහනකට ගෙවදින ඔබටත් ඒ තුල භාණ්ඩ තැබිය යුතු ආකාරය පිළිබඳ විචිකිච්චාවක් කවදා හරි දැනිලා තියෙනවද? ඒ වගේම බඩු සියල්ල ඇසිරූ පසුව ඒ පිළිබඳ තෘප්තියක් ඇතිවෙලා නැද්ද? මේක මේ විදියට තියන්නෙ නැතුව අනිත් අතට තිබ්බා නම් ඉඩකඩ පිරිමැහෙනවා කියලා හිතිලා තියෙනවද? මට අනේක වාරයක් ඔය වගේ සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නෙ නිවස බඩු භාණ්ඩ වලින් පුරවා ගැනීමට මගේ ඇති අකමැත්ත නිසයි. ඒත් අත්‍යවශ්‍ය භාණ්ඩ නම් තිබිය යුතුම වෙනවා. අන්න ඒ වගේ වෙලාවට පිහිට පතන්න පුළුවන් Online Interior Design service එකක් තමයි Modsy කියන්නෙ. ඒගොල්ලො ඇත්තම වගේ පෙනෙන විදියට ත්‍රිමාන නිර්මාණ කරනවා ඔබට අවශ්‍ය විදියට සාලයක්, කාමරයක් හැඩ කරගන්න.ඒ සඳහා එක කාමරයක් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් 49-149 දක්වා මුදලක් අය කරනවා.

easy home designModsy

 මේ වෙබ් අඩවියට පිවිසුනු පසුව ඔබට සිද්ද වෙනවා ඔබේ කැමැත්ත ඔවුන්ට දන්වන ආකාරයේ කුඩා ප්‍රශ්ණ මාලාවකට පිළිතුරු දෙන්නට. එතැනදී ඔබ ඔවුන්ට දැනුම් දිය යුතුයි ඔබ සතුව දැනටමත් තිබෙන ගෘහ භාණ්ඩ පිළිබඳව. ඉන් පසුව ඔවුන් අහනවා ඔබට මේ වෙනුවෙන් වියදම් කළ හැකි මුදල කොපමණද කියලා. ඒ අනුව ඔවුන්ගෙ නිර්දේශයන් ඔබට ලැබෙන්නේ ඒ මුදලට ගැලපෙන පරිදියි. ඒ වගේම ඔබට ඒ ගෘහ භාණ්ඩ ඔබ දැනට තබා ඇති ආකාරය දැක්වෙන පින්තූරත්, කාමරවල දිග පළල පිළිබඳ විස්තරත් යැවිය යුතු වෙනවා. ඉන්පසුව අදාල පැකේජය අනුව ඔවුන් විසින් කරන ලද ත්‍රිමාන නිර්දේශයන් ඔබ අතට පත්වෙනවා. ඔබට ඉන් තමා කැමති නිර්මාණය තෝරා ගත හැකියි.

hot weather design tipsModsy

ඔබ ඇමරිකාවේ ජීවත් වෙන කෙනෙකු නම්, ඔබට අළුත් ගෘහ භාණ්ඩවල අවශ්‍යතාවයක් ඇත්නම් ඔබට පහසුවෙන් ඒවා මිළදී ගත හැකි ස්ථානයන් පිළිබඳව නිර්දේශයන්ද ඔවුන් ලබා දෙනවා. ඒ වගේම ඔබ වෙනුවෙන් ඔවුන් කරන ලද නිර්මාණවල ඇතුලත් ගෘහ භාණ්ඩ මිළදී ගැනීමට ඔබ කැමති නම්, අඩු කරන ලද මිලකට ඒවා කෙලින්ම ඔවුන් වෙතින් ලබා ගත හැකියි.





Comments