වර්තමානයේ උද්ගතව ඇති දේශගුණික අර්බුදය වෙනුවෙන් අපට කළ හැක්කේ කුමක්ද?

Polar Bear, Iceberg, Ice Floe, North Pole

pixabay: Coffee

වර්තමානය වන විට මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට ඇති ප්‍රධානතම තර්ජනය දේශගුණික අර්බුදය බවට පත් වෙලා ඉවරයි. ඒත් හුඟ දෙනෙක් ඉන්නෙ ඒ පිළිබඳව අවබෝධයකින් තොරව. දන්නා අයත් බොහෝ විට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරිව ඉන්න නිසා මොකුත්ම කියන්නෙ නෑ. ඒ උනාට දේශගුණය සම්බන්ධ විද්‍යාඥවරියක වන  Katharine Hayhoe කියන විදියට ඒකම තමයි ලොකුම ප්‍රශ්ණය වෙලා තියෙන්නෙ. මිනිස්සු මේ ගැන කතා නොකරන එක. දන්නා අය ඒ ගැන නොදන්නා අයට කියලා දෙන්නෙ නැති එක.

"මිනිස්සු හිතන්නෙ මේක බලපාන්නෙ තමුන්ට නෙවෙයි  අනුන්ට විතරයි, අනාගත පරම්පරාවට විතරයි කියලා. මොකක්ද ඒකෙ තියෙන භයානකකම? භයානකකම තමයි ඒගොල්ලො ඒ ගැන තැකීමක් නොකරන එක." ඈ කියනවා.

"මේ දේශගුණික අර්බුදයට එරෙහිව සටන් කරන්න අපි හැම දෙනාටම කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි ඒ ගැන කතා කරන එක." ඇයට අනුව මේ මොහොතේ අපේ දේශගුණය සම්බන්ධව තියෙන ලොකුම තර්ජනය තමයි ඒ වටා තියෙන අනවබෝධය වගේම ඒකෙ අනාගතය සම්බන්ධයෙන් අපෙන් සිදුවන බලපෑම.

"මේ ගැන කතා කරන්න දේශගුණය සම්බන්ධ විශේෂඥයෙකු වෙන්න අවශ්‍ය නෑ," ඈ කියනවා.

ඇයට අනුව මිනිස්සු කතා කරන්නෙ තමුන්ට බලපෑමක් වෙන දේවල් ගැන විතරයි. එතනදි වඩාත්ම වැදගත් වෙන දේවල් ගැන කතා කරන්න තරම් ඔවුන් තැකීමක් කරන්නෙ නෑ.

එතකොට මොකක්ද ඇත්තටම සිද්ද වෙන්නෙ?

ඈ ලියනවා අප්‍රේල් මාසයෙදි මෙහෙම. "මේ තරම් වේගයෙන් මීට කලින් දේශගුණ විපර්යාසයන් සිදුවෙලා නැති හේතුව නිසා අපි ඒක හැමදාටම ඒ විදියටම වෙයි කියන තෘප්තිදායක හැඟීමෙනුයි ඉන්නෙ. අපි වර්තමානයට ගැලපෙන්නෙ නැති, ඉස්සර කාලෙ වැස්ස වහින ආකාරය අනුව හදපු  ගංවතුර ඇතිවෙන ප්‍රදේශ ගැන විස්තර වලින් හරියටම අනාවැකි කියන්න යනවා. අපි අපේ වගා කළ හැකි බිම් ප්‍රමාණය වගේම ජල සම්පතත් කොටස් වලට බෙදලා අනවශ්‍ය විදියට පාවිච්චි කරන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේම මුළු ලෝකයේම තියෙන විශාලතම නගර වලින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් අපි  ගොඩ නගලා තියෙන්නෙ මුහුදු මට්ටමට වඩා මීටරයක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක උසකිනුයි. දැන් ඒ මුහුදු මට්ටම මීට අවුරුදු විසි පහකට කලින් සිදු උනාට වඩා දෙගුණයක වේගයෙන් ඉහළ නගිමින් පවතිනවා."

ඒක එහෙම නම් මුහුදු මට්ටමට ඉතාම ආසන්නයෙන් පවතින ලංකාව මාලදිවයින වගේ රටවලට මොකද වෙන්නෙ? අපේ රටවල් වගේ දූපත් රටවල් වලට තමයි වැඩිවන මුහුදු මට්ටම නිසා ලොකුම තර්ජනය එල්ල වෙන්නෙ. ඒ කියන්නෙ ඉස්සෙල්ලම මුහුදෙන් යටවෙලා යන්නෙ. එතකොට අපට මොකද වෙන්නෙ? අපි කොහේද යන්නෙ? අපට මොකුත් උනේ නැතත්, අපේ දරුවො? දරුවොන්ගෙ දරුවො? අන්න ඒ නිසයි අපි, අපි ජීවත් වෙන තැන්වලදි, තමුන් ගන්නා ආහාරයේ ඉඳලා උඩට ඇදගන්නා හුස්ම ටික දක්වාම වෙන සෑම දෙයක් පිළිබඳවම සලකලා, මේ දේශගුණ අර්බුදය අපට වැදගත් වෙන්නෙ ඇයි කියන එක ගැන කතා කරන්න ඕන කියලා කැතරින් මහත්මිය කියන්නෙ.

එහෙම නම් මොනවද මේ ගැන අපට කරන්න පුළුවන්? අපි කරන දේවල් එකකින්වත් මේකට බලපෑමක් කරන්න පුළුවන් වෙයිද එහෙම නැත්නම් මොනවා කළත් වැඩක් වෙන එකක් නැද්ද? අඩුම තරමේ අර අන්තිම එක ගැන කිව්වොත් පිළිතුර හරිම සරලයි. එහෙම නෑ! තත්වය භයානක උනත් මේකෙන් පොඩ්ඩක් හරි ගොඩ යන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව නැතිවෙලා නෑ. මේ අවස්ථාවෙදි අපි එක්කෙනෙකුගෙ පෞද්ගලික වෙනසක තේරුමක් තියේවිද? ඔව්. ඇත්තම කිව්වොත් ඒ වෙනස අත්‍යවශ්‍යයි.

අපි පුංචිම තැන ඉඳලා පටන් ගත්තොත්, බලමු තනි පුද්ගලයෙකුට මොනවද කරන්න පුළුවන් කියලා.

මේ සඳහා carbon footprint එකක් කියන්නෙ මොකක්ද කියලා දැන ගැනීම වැදගත් වෙනවා. පහත වීඩියෝ එකෙන් සරල පැහැදිලි කිරීමක් කරනවා ඒ ගැන.



ඒ මොකක්ද කියලා තේරුම් ගත්තට පස්සෙ තමුන්ගෙ ලොකුම carbon footprint එක මොකක්ද කියලා හිතන තැනින් පටන් ගන්න. ඔබට පුළුවන් මෙන්න මේ වෙබ් සයිට් එකේ තියෙන විස්තරාත්මක කාබන් කැල්කියුලේටරය පාවිච්චි කරන්න. අපි ජීවත් වෙන ක්‍රමය එකිනෙකාගෙන් වෙනස් වන නිසා, කෙනෙකුගෙ විශාලතම carbon footprint එක තවත් කෙනෙකුගෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක සමහර විට ඔබ දිනපතා එන යන ක්‍රමය වෙන්න පුළුවන්. ඒ කියන්නෙ උදාහරණයක් විදියට ඔබ ගමනට බිමනට පාවිච්චි කරන මෝටර් රථය වෙන්න පුළුවන්. එයාකන්ඩිශනර් එකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් ඒක වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ගන්නා ආහාර වර්ග, ඔබ ෂොපිං කරන්නට යන ස්ථානය පවා ඊට අදාලයි.

ඔබ ශාකමය ආහාර වේලක් ගන්නවා නම් ඒකෙන් පරිසරයට ඇති කරවන බලපෑම ගැන Drawdown වෙබ්සයිට් එකේ කියලා තියෙන්නෙ මෙහෙමයි.

Impact: Using country-level data from the Food and Agriculture Organization of the United Nations, we estimate the growth in global food consumption by 2050, assuming that lower-income countries will consume more food overall and higher quantities of meat as economies grow. If 50 percent of the world’s population restricts their diet to a healthy 2,500 calories per day and reduces meat consumption overall, we estimate at least 26.7 gigatons of emissions could be avoided from dietary change alone. If avoided deforestation from land use change is included, an additional 39.3 gigatons of emissions could be avoided, making healthy, plant-rich diets one of the most impactful solutions at a total of 66 gigatons reduced.

ඔබ ඔබේ ගෙවත්ත සඳහා රසායනික පොහොර වෙනුවට කොම්පෝස්ට් යොදා ගැනීමේ බලපෑම ගැන කියලා තියෙන්නෙ මෙහෙම.

Impact: In 2015, an estimated 38 percent of food waste was composted in the United States; 57 percent was composted in the European Union. If all lower-income countries reached the U.S. rate and all higher-income countries achieved the E.U. rate, composting could avoid methane emissions from landfills equivalent to 2.3 gigatons of carbon dioxide by 2050. That total excludes additional gains from applying compost to soil. Compost facilities cost less to construct but more to operate, which is reflected in the financial results.

ඔබගේ carbon footprint  ගැන අවබෝධයක් ලබා ගත්තට පස්සෙ ඔබට පුළුවන් ඉහත වෙබ් සයිට් එකෙන් එවැනි ක්‍රියා සියයකින් පමණ ඇතිවන බලපෑම අඩු කර ගැනීම සඳහා විසඳුම් සොයා ගන්න.

අපි නිකම්ම ඉන්නෙ නැතිව උත්සාහ කරලා බලමු.

Comments