ශීතකරණයේ සහ අධිශීතකරණයේ කොපමණ කාලයක් ආහාර ගබඩා කර තබාගත හැකිද?

Related image

reviewed

අපි හැම දෙනෙක්ම වගේ අපේ ශීතකරණයත් අධිශීතකරණයත් මත සෑහෙන්න විශ්වාසය තබනවා. රෑට කාලා මොනවා හරි ඉතුරු උනාද, ඒක දාන්නෙ ශීතකරණයට. වැඩිපුර මොනවා හරි හැදුවද, ඒකත් ශීතකරණයට. වැඩිපුර මස් මාළු ගෙනාවොත් ඒක අධිශීතකරණයට. ඒ උනාට ඔබ කවදද අන්තිම වතාවට මොනවද ඇත්තටම මේක ඇතුලෙ ඔබ විසින්ම ගබඩා කරලා තියෙන්නෙ කියලා හොඳට බැලුවෙ? දැන් තමයි හොඳම වෙලාව පොඩ්ඩක් ඔළුව දාලා බලන්න. දැනටමත් ගෙදර තියෙන දේවල් පාවිච්චි කිරීමෙන් ඔයාලගෙ අතේ ඇති මුදල් ඉතුරු වෙනවා විතරක් නෙවේ, අනවශ්‍ය දේවල් ඉවත් කිරීමෙන් අවශ්‍ය දේවල් ගබඩා කරගන්නට ඉඩක් පාදා ගන්නත් පුළුවන්. ඔබේ අධිශීතකරණය අයිස් ඉවත් කරන්නට අවශ්‍ය නම්, බඩු අඩුවෙන් තියෙන වෙලාවක ඒක කරන එක පහසුයි වගේම ආරක්ෂාකාරීයි.

මේ පුරවලා තියෙන හැම දෙයක්ම කවදා වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්ද?

ආහාර ශීතකරණයේ හරි අධිශීතකරණයේ හරි ගබඩා කළා කියලා සදහටම පාවිච්චි කරන්න පුළුවන් කමක් නෑ. උදාහරණයක් විදියට අධිශීතකරණයේ ගබඩා කළ මස් වර්ග මස 6ක් ඇතුලත අවසන් කරන්න ඕන.

පහතින් පොඩි වගුවක දක්වලා තියෙනවා ආහාර වර්ගය අනුව ඒවා ශීතකරණයෙත් අධිශීතකරණයෙත් කොපමණ කාලයක් ගබඩා කර තබාගත හැකිද කියලා. බලන්න ඔබටත් ප්‍රයෝජනවත් වෙයිද කියලා. 

Food Type Refrigerator
(40 °F or below)
Freezer
(0 °F or below)
Salad Egg, chicken, ham, tuna and macaroni salads 3 to 4 days Does not freeze well
Hot dogs Opened package 1 week 1 to 2 months
Unopened package 2 weeks 1 to 2 months
Luncheon meat Opened package or deli sliced 3 to 5 days 1 to 2 months
Unopened package 2 weeks 1 to 2 months
Bacon and sausage Bacon 1 week 1 month
Sausage, raw, from chicken, turkey, pork, or beef 1 to 2 days 1 to 2 months
Sausage, fully cooked, from chicken, turkey, pork, or beef 1 week 1 to 2 months
Hamburger and other ground meats Hamburger, ground beef, turkey, veal, pork, lamb, and mixtures of them 1 to 2 days 3 to 4 months
Fresh beef, veal, lamb, and pork Steaks 3 to 5 days 4 to 12 months
Chops 3 to 5 days 4 to 12 months
Roasts 3 to 5 days 4 to 12 months
Ham Fresh, uncured, uncooked 3 to 5 days 6 months
Fresh, uncured, cooked 3 to 4 days 3 to 4 months
Cured, cook-before-eating or uncooked 5 to 7 days or “use by” date 3 to 4 months
Fully-cooked, vacuum-sealed at plant, unopened “Use by” date 1 to 2 months
Cooked, store-wrapped, whole 1 week 1 to 2 months
Cooked, store-wrapped, slices, half, or spiral cut 3 to 4 days 1 to 2 months
Country ham, cooked 1 week 1 month
Canned, labeled "Keep Refrigerated," unopened 6 to 9 months Do not freeze
Canned, shelf-stable, opened
Note: An unopened, shelf-stable, canned ham can be stored at room temperature for 6-9 months.
5 to 14 days 1 to 2 months
Prosciutto, Parma or Serrano ham, dry Italian or Spanish type, cut 2 to 3 months 1 month
Fresh Poultry Chicken or turkey, whole 1 to 2 days 1 year
Chicken or turkey, pieces 1 to 2 days 9 months
Eggs Raw eggs in shell 3 to 5 weeks Do not freeze. Beat yolks and whites together, then freeze.
Raw egg whites and yolks Note: yolks do not freeze well 2 to 4 days 12 months
Raw egg accidentally frozen in shell Use immediately after thawing Keep frozen, then
refrigerate to thaw
Hard-cooked eggs 1 week Do not freeze
Egg substitutes, liquid
Unopened
1 week Do not freeze
Egg substitutes, liquid
Opened
3 days Do not freeze
Egg substitutes, frozen, unopened After thawing, 1 week or refer to “use by” date 12 months
Egg substitutes, frozen, opened After cooking, 3 to 4 days or refer to “use by” date Do not freeze
Casseroles with eggs 3 to 4 days After baking, 2 to 3 months
Eggnog, commercial 3 to 5 days 6 months
Eggnog, homemade 2 to 4 days Do not freeze
Pies: Pumpkin or pecan 3 to 4 days After baking, 1 to 2 months
Pies: Custard and chiffon 3 to 4 days Do not freeze
Quiche with filling 3 to 5 days After baking, 2 to 3 months
Soups & Stews Vegetable or meat added 3 to 4 days 2 to 3 months
Leftovers Cooked meat or poultry 3 to 4 days 2 to 6 months
Chicken nuggets or patties 3 to 4 days 1 to 3 months
Pizza 3 to 4 days 1 to 2 months
Ref: Food Safety


අධිශීතකරණයේ ආහාර ගබඩා කිරීමේදී කළයුතු දේවල්

Related image

alibaba.com

  • හොඳින් වාතය සැරිසැරීමට අපහසු වන පරිදි බඩු ගොඩක් අසුරන්න එපා.

  • යාන්තමින් රස්නය රැඳී ඇති ආහාර කිසිවිටෙකත් අධිශීතකරණයේ අසුරන්න එපා. එසේ කළ විට එහි උෂ්ණත්වය ඉහළ යනවා.

  • විශාල ආහාර ප්‍රමාණයක් අධිශීතකරණ ගත කරන්නේ නම්, ඔබගේ අධිශීතකරණයේ  'Fast-Freeze' යන විකල්පය ඇත්නම් එය පාවිච්චි කරන්න.

  • අධිශීතකරණගත කරන ආහාර වර්ග එසේ කිරීමට පෙර හොඳින් අසුරා, ඒ තුල ඇති වාතයත් (vaccum-pack), වතුරත් ඉවත් කළ විට අනෙක් ආහාර සමග මිශ්‍රවීම වලකිනවා.





  • ඔබ ආහාර ගබඩා කිරීම සඳහා බඳුන් පාවිච්චි කරනවා නම් හතරැස් හැඩැති ඒවා තෝරා ගැනීමෙන් හොඳින් එක උඩ එක අසුරන්න හැකි වනවාක් මෙන්ම, ඒ වෙනුවෙන් වැයවන ඉඩ ප්‍රමාණයද අවම වෙනවා.

  • එකට ඇලෙන ආහාර වර්ග වෙත්නම් ඒවා බේකිං පේපර් හෝ, ඇළුමිනියම් කොළ යොදාගෙන එකිනෙක වෙන් කරගන්න.

  • දියර වර්ග අධිශීතකරණගත කරන විට, එහි වැඩිවන පරිමාව සඳහා ඉඩක් ඉතුරු කරන්න. බඳුනේ කට ගාවටම පුරවන්න එපා.

  • සෑම විටෙකම භාජනවල තිබෙන්නේ කුමක්ද යන්නත්, ඔබ එය ගබඩා කරන දිනයත් ලේබල් කරන්න.


Comments