කාලයත් සමග විලාසිතාවන් වෙනස් වන වේගයට අනුව ඒ සෑම විලාසිතාවක්ම අපට අවශ්‍ය විදියට අනුවර්තනය කරගැනීම, සෑම අවස්ථාවකදිම එතරම් පහසු නොවෙන්නේ අප එකිනෙකාට අනන්‍ය වූ සිරුරේ හැඩය නිසායි. එවැනි අවස්ථාවලට ප්‍රයෝජනයට ගත හැකි නීති මාලාවක් නොව මග පෙන්වීමක් පමණක් වන තමුන්ගේ සිරුරේ හැඩයට අදාලව විලාසිතාව සකස් කරගත හැකි පහසු උපදෙස් ටිකක් තමයි පහතින් සඳහන් වෙන්නෙ.
පෙයාර්ස් ගෙඩියක හෙවත් ත්‍රිකෝණාකාර හැඩැති සිරුර
ඔබගේ සිරුර පහත සඳහන් ලක්ෂණ වලින් සමන්විත නම්, ඔබ පෙයාර්ස් ගෙඩියක හැඩැති සිරුරකට හිමිකම් කියන්නියක් විය හැකියි.
- උකුලේ වටප්‍රමාණය පපුවේ වටප්‍රමාණයට වඩා වැඩිවීම.
- හොඳින් පෙනෙන සිහින් ඉණක් තිබීම.
- පිරුණු උකුලක් තිබීම.
- උකුලේ පළලට වඩා උරහිස්වල පළල අඩු වීම.
- පිරුණු පසුපස.
විලාසිතාවන් අනුගමනය කරද්දී ඔබ කළයුතු වන්නේ ශරීරයේ සමබරතාවය රැකෙන පරිදි ඉණ ප්‍රදේශය ඉස්මතු කර පෙන්වමින්, ශරීරයේ ඉහළ කොටසේත්, උරහිස් වලත් පරිමාව වැඩි කිරීමය. ඔබ උකුල ප්‍රදේශයටත්, කලවා ප්‍රදේශයටත් වැඩිපුර අවධානය යොමු වන අන්දමේ හිර ඇඳුම් ඇඳීම නොකළ යුතුය.
StyleWe
Hourglass හැඩැති සිරුර
Pinterest
ඔබේ සිරුර පහත සඳහන් ලක්ෂණ වලින් සමන්විතදැයි බලන්න.
- පිරුණු පපුව, උකුල සහ කලවා.
- පැහැදිලිව පෙනෙන සිහින් ඉඟ
- පපුවේ වටප්‍රමාණය සහ උකුලේ වටප්‍රමාණය ආසන්න වශයෙන් සමානවීම.
- මනා හැඩයෙන් යුතු සිරුර
මෙවැනි සිරුරකින් යුතු අයෙක් විලාසිතාවක් අනුගමනය කිරීමේදී වඩාත්ම අවධානය යොමු කළ යුත්තේ තම සිරුරේ උඩ කොටසේ සහ පහත කොටසේ ඇති සමබරතාවය රැක ගනිමින් ස්වභාවිකවම ලැබී ඇති හැඩකාර සිරුර විලාසිතාව තුලින් මනාව ඉස්මතු කර ගැනීමටය.
Pinterest
ඇපල් හැඩැති හෙවත් උඩ යට මාරු වූ ත්‍රිකෝණාකාර (inverted triangle) හැඩැති සිරුර
Pinterest
ඔබගේ සිරුර පහත ලක්ෂණ පෙන්වයි නම් ඔබ ඇපල් ගෙඩියක හැඩැති සිරුරක හිමිකාරියක් විය හැක.
- සාමාන්‍ය ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණය දක්වා තිබිය හැකි පපු ප්‍රදේශය
- පළල් උරහිස්
- ශරීරයේ මැද කොටසේ ඇති පිරුනු ස්වභාවය.
- එතරම් පැහැදිලිව දිස් නොවන ඉණ
- පටු උකුල
- මනා පෙනුමකින් යුත් දෙකකුල්
විලාසිතා සම්බන්ධයෙන් ඔබගේ අරමුණ විය යුත්තේ ඔබේ සිරුරේ කඳ කොටස දිගු කර පෙන්වන, දෙකකුල් වලට අවධානය යොමු වන, සිහින් ඉඟටියක් මවා පෙන්වන සුළු ඇඳුම් ඇඳීමටයි. මෙවැනි අයට හැකි තරම් තමුන්ගේ සිරුරට ගැලපෙන පරිදි ඔබ වෙනුවෙන්ම මැසූ ඇඳුම් පාවිච්චි කිරීමෙන් සිරුරේ මනා හැඩයක් මවා පෙන්විය හැකියි.
Outfit trends
සෘජුකෝණාස්‍රාකාර හැඩැති සිරුර
ever-pretty
මෙවන් සිරුරක් හිමි අයගේ පහත සඳහන් ලක්ෂණ දැකිය හැක.
- කුඩා ප්‍රමාණයේ සිට සාමාන්‍ය ප්‍රමාණය දක්වා වූ පපු ප්‍රදේශය
- ඉණක් පැහැදිලිව නොපෙනීම
- පිරී නොමැති කෙලින් තිබෙන උකුල සහ පිටුපස ප්‍රදේශය
- සිරුරෙහි එතරම් හැඩයක් දකින්නට නොලැබීම
- සිහින් උරහිසේ පළලත් සිහින් උකුලේ පළලත් ආසන්න වශයෙන් සමාන වීම
- සිරුරෙහි බර සමානුපාතිකව මුළු ශරීරයෙහිම පැතිර තිබීම
මෙවන් සිරුරක් හිමි අය ඉණ ප්‍රදේශයට අවධානය යොමු කරමින් ශරීරයෙහි හැඩය ඉස්මතු කර දැක්වෙන විලාසිතා අනුගමනය කළ යුතුය. එසේම ඔබගේ මනා හැඩයෙන් යුතු දෑත් සහ දෙකකුල් වෙත අවධානය යොමු වන පරිදි ඇඳුම් තෝරා ගත හැක.

Pinterest
Comments
Post a Comment