සම රැක බලා ගැනීමට සරල ක්‍රමයක් - According to Dermatologists

Glass, Spoon, Cosmetics, Cream, Pink, Skin Care
Pixabay: silviarita

පියවර 10 කින් යුතු සම රැක බලා ගැනීමේ කොරියන් ක්‍රමයත්, වෙළඳ පොලේ ඇති නානාප්‍රකාර ක්‍රීම් වර්ගත් අතර කෙනෙකුට පහසුවෙන් නොහැකි වෙන්න පුළුවන් තමුන්ට ගැලපෙන වගේම දිගටම කරගෙන යා හැකි සම රැක බලා ගැනීමේ ක්‍රමයක් තෝරා ගන්න. ඒ වගේම ඒවායෙන් ලැබෙන ප්‍රතිඵලේ මොන වගේද, ඒවා තමුන්ගෙ සමට ගැලපෙනවද කියල දන්නෙත් නැහැ. ඉතින් මොකද කරන්නෙ?

මේ ගැන සොයද්දි මං ඉස්සෙල්ලම බැලුවෙ ඒ ගැන සම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු කියල තියෙන්නෙ මොකක්ද කියලයි. එයාලා කියන විදියට පියවර 10 ක් 12 ක් තියෙන ක්‍රමයක් ගොඩක් ජනප්‍රිය වෙන්න පුළුවන් උනාට, ඒකෙ ප්‍රතිඵලය, එක පියවරක් හරි දෙකක් හරි තියෙන ක්‍රමයකට වඩා මහ ලොකු වෙනසක් ඇති කරන්නෙ නැහැ. ඒ නිසා එයාලා කියනවා අඩු පියවර ගාණක් තියෙන ක්‍රමයක් අනුගමනය කරන එක හොඳයි කියලා.  ඒකෙ තියෙන ලොකුම වාසිය, එක පියවරක්වත් අමතක වෙන්නෙ නැති එකයි. ඒ වගේම අර විදියට පියවර ගණනාවක් අනුගමනය කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා දේවල් සමට කරන නිසා, ඒකෙන් සිද්ද වෙන්නෙ සමට හානි වෙන එක කියලත් කියනවා. ඒ හින්දා මේ විශේෂඥයන් කියනවා අනවශ්‍ය විදියට මුහුණ සෝදන්න එපා, අනවශ්‍ය විදියට මුහුණට ටෝනර් යොදන්න එපා වගේම අනවශ්‍ය විදියට සම මතුපිට මැරුණු සෛල ඉවත් කරන්න (scrub/exfoliate) යන්නත් එපා කියලා. ඒකෙන් තමුන්ගෙ කාලයත්, අතේ ඇති මුදලත් ඉතුරු වෙනවා වගේම සමෙන් කෙරෙන්නාවූ කාර්යයන්ට බලපෑමක් වෙන්නෙත් නැහැ.

පියවර ගණනාවකින් යුතු ක්‍රමයක් අනුගමනය කිරීම නරකයිද?

කෙටියෙන් කියනවා නම් ඒකට උත්තරේ නැහැ කියන එකයි. ඒ උනාට එහෙම පියවර ගණනාවක් අනුගමනය කරද්දි වැරදීම් සිද්ද වෙන්න තියෙන අවස්ථා ගණන වැඩියි. උදාහරණයක් විදියට එක, එක වර්ගයේ ක්‍රීම්, සීරම් වගේ ජාති ගොඩක් ගෑවාම සමේ දැවිල්ලක් ඇතිවෙන්න පුළුවන්, රතු වෙන්න පුළුවන්. ඒ වගේම අපි හරියටම දන්නෙ නෑ මේ නොයෙකුත් නිෂ්පාදනවල තියෙන අමුද්‍රව්‍ය (active ingredients) ප්‍රශ්ණයක් නැතිව එකට ක්‍රියාත්මක වෙනවද (compatible) කියලත්. ඒකෙ තේරුම සමහර විට මේ වගේ අමුද්‍රව්‍ය දෙකක් තැවරුවාම සමහර විට ඉන් එකක් අනෙක නිසා ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නෙ අපි බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබෙන්නෙ නැති එකයි. මේ සමහර නිෂ්පාදන එකට පාවිච්චි කළාම මුහුණේ බිබිලි ඇති වෙනවා වගේ අසාත්මිකතාවයන් ඇති වෙන්නත් ඉඩ තියෙනවා.

ඒ වගේම එහෙම ආලේප තවරනකොට හිතන්න ඕන ඒවායින් කොපමණ ප්‍රමාණයක් අපේ සමට උරා ගන්න පුළුවන්ද කියලා. අපි හොඳයි කියලා හිතාගෙන වැඩි වැඩියෙන් ගානවා කියන්නෙ  ඒ නිෂ්පාදනයි, ඒවාට වැය කළ මුදලයි අපතේ යාමක් වෙන්න පුළුවන්. විශේෂඥයින් කියන්නෙ සාමාන්‍යයෙන් ලොකුම වෙනස සිදු කරන්නෙ මුලින්ම පාවිච්චි කරන නිෂ්පාදන දෙක කියලයි. ඒ හින්දා අපට පුළුවන් එකම දේ කරන නිෂ්පාදන කිහිපයක් එක අවස්ථාවේ පාවිච්චි නොකර ඉන්න. ඒ වගේම නිතර, නිතර ස්ක්‍රබ් කරන්නෙ නැතුව ඉන්න.

තමුන්ට ගැලපෙන හොඳම ක්‍රමය මොකක්ද?

මෙතැනදි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි එක්කෙනෙකුට ගැලපෙන දේ තවත් කෙනෙකුට ගැලපෙන්නෙ නැති වෙන්න පුළුවන් කියන එක. ඒ වෙනුවට ඔබ කරන්න ඕන තමුන්ගෙ සමේ ස්වභාවයටත් අවශ්‍යතාවයටත් ගැලපෙන ක්‍රමයක් අනුගමනය කිරීමයි.

ඔබ පළමු වතාවට මෙවැනි ක්‍රමයක් අනුගමනය කරන්නට යනවා නම් කළයුතු හොඳම දේ තමයි එක නිෂ්පානයක් පමණක් එක් වරකදි භාවිතා කිරීම. ඉන්පස්සෙ හෙමින් සැරේ පුළුවන් ඒ සමග අනෙක් නිෂ්පාදන වරකට එක බැගින් එකතු කරලා ප්‍රතිඵලය බලන්න. මොකක් හරි නරක දෙයක් සමට වෙනවා වගේ පෙනෙනවා නම් ඔබට පුළුවන් වෙනවා අදාල නිෂ්පාදනය භාවිතා කිරීම නවත්වන්න. නැත්නම් අළුත් නිෂ්පාදන කිහිපයක් එක සැරේ පාවිච්චි කරනකොට හිතාගන්න බැරි වෙනවා මොකකින්ද එහෙම උනේ කියලා.

ඔබ ගර්භනී තත්වයෙන් පසුවෙන අයෙක් නම්, මේ විශේෂඥ වෛද්‍යවරු කියනවා retinol, salicylic acid, benzoyl peroxide කියන අමුද්‍රව්‍ය තිබෙන නිෂ්පාදන, බඩේ සිටින දරුවාට හානිකර විය හැකි බැවින් පාවිච්චි කරන්න එපා කියලා.

මං මෙතැනදී පෙන්වා දෙන සත්කාර මාලාව විශේෂඥ වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙන ලදැයි අන්තර්ජාලයේ සඳහන් පොදු එකක් විනා සමේ ස්වභාවය අනුව වෙන්කර දක්වන එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.


උදේට සමට කළ හැකි හොඳම සත්කාරය

මේ විශේෂඥ වෛද්‍යවරුන්ට අනුව උදේට ඔබ විසින් කළ යුතු සත්කාර මාලාව සකස් කරගත යුත්තේ හිරු එළිය, දූවිලි වගේ පරිසරයේ තිබෙන අනර්ථකාරී සාධක වලින් සමට වන හානිය අවම කර ගැනීමට හැකි වන අයුරිනුයි.

1. Cleanser

Image result for cleanser



උදේට කෙරෙන සත්කාර මාලාව ආරම්භ කරන්නලු මෘදුව මුහුණේ සම පිරිසිදු කර ගැනීමෙන්. එයාලා කියන්නෙ අඩුවෙන් පෙණ නගින පවිත්‍රකාරකයක් මේ සඳහා තෝරා ගත යුත්තේ, පෙණ ලොකු වෙන තරමට අදාල නිෂ්පාදනය විසින් සම වියළි බවට පත් කරන එක වැඩි කරන හේතුව නිසා කියලයි. 

ඒ වගේම අසාත්මිකතා තිබෙන අයට ක්ලීන්සර් එකක් තෝරා ගැනීමේදී සුවඳ, ඩයි වර්ග, මේක් අප් නිෂ්පාදන කල්තබාගන්න භාවිතා කරන parabens , සල්ෆේට් වර්ග, ග්ලූටන් (gluten), formaldehyde  වගේ දේවල් අඩංගු නොවන නිෂ්පාදනයක් සොයා ගැනීමෙන් ඒක වලක්වා ගත හැකි වෙතැයි පැවසෙනවා.

2. Antioxidant serum

Related image


ඇත්තම කියනවා නම් මේ පියවර විශේෂඥ වෛද්‍යවරු සඳහන් කළාට, අත්‍යවශ්‍ය පියවරක් විදියට බොහෝ වෙලාවට සඳහන් වෙන්නෙ නැති එකක්. ඒගොල්ලො කියනවා දූෂිත වාතයෙන්, පාරජම්බුල කිරණ වලින්, සිගරට් බීමෙන්, ඇල්කොහොල් පානයෙන්, කෘමිනාශක වලින් වගේම නිසි පෝෂණයක් නැති කමින් සමට වෙන හානිය වළක්වාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි antioxidants භාවිතය කියලා. මේ සඳහා ගනු ලබන විටමින් සී සීරම් වියළි සමක් සඳහාත් තෙල් සහිත සමක් සඳහාත් එක සේ ගැලපෙන බවයි පැවසෙන්නේ.

3. Moisturizer with Sunscreen

Image result for moisturizer with sunscreen artistic pictures

සන්ස්ක්‍රීන් පාවිච්චිය තමයි ඔබ මොන විදියේ සත්කාරයක් කළත් ඊට අඩංගු විය යුතු වැදගත්ම පියවර හැටියට සැලකෙන්නේ. තමුන්ගෙ සම මොන වර්ගයේ එකක් උනත්, වයසට යනකොට හැම දෙනෙකුගේම වගේ සමෙහි හිරු එළිය නිසා ඇතිවන අඳුරු පැහැති ස්ථාන මතු වෙනවා. මේවායින් කෙරෙන ප්‍රධාන කර්තව්‍යය වන පාරජම්බුල කිරණ වලින් සම ආරක්ෂා කිරීමට අමතරව, ඉන් පෙර සමට සිදු වූ හානි යථා තත්වයට පත් කිරීමටත් සන්ස්ක්‍රීන් උපකාරී වෙනවා යැයි පැවසෙන බැවින් සන්ස්ක්‍රීන් පාවිච්චියෙහි වැදගත්කම ඔබට තේරුම් ගත හැකි වනු ඇතැයි සිතනවා.


සවස් වරුවේ සමට කළ හැකි හොඳම සත්කාරය

විශේෂඥ වෛද්‍යවරුන්ට අනුව සවස් වරුවේ සත්කාරය සඳහා අනුගමනය කරන පියවරෙහිදී සමෙහි නව සෛල මතුකර ගැනීමත්, දිනය පුරා සමට යම්කිසි හානියක් සිදුවී ඇත්නම් එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා අවශ්‍ය වන කොලැජන් නිෂ්පාදනය වැඩි කර ගැනීමත් අරමුණු කරගත යුතු වෙනවා.

1. Cleanser

දිනය අවසානයේ සම මතුපිට ඇති විවිධ ආලේපනත්, දූවිලි වැනි අනවශ්‍ය  දේවලුත් ඉවත් කිරීම වැදගත් වෙනවා. මේ සඳහා උදෑසනත් සවසත් එකම ක්ලීන්සර් එක පාවිච්චි කළ හැකියි.

2. Repairing Serum

Neutrogena Rapid Wrinkle Repair Hyaluronic Acid Face Serum & Retinol Serum with Glycerin - Anti Wrinkle Serum for Face with Hyaluronic Acid & Retinol for Wrinkles & Dark Circles, 1 fl. oz

සවස් වරුවේ සමට කරන සත්කාරයන්හි වඩාත්ම වැදගත් පියවර වන්නේ මෙය බැව් සඳහන්. මේ නිෂ්පාදනවල තිබෙන අමුද්‍රව්‍ය උපකාරී වෙනවා සමේ පෙනුමත්, මතුපිට ස්වභාවයත් වැඩි දියුණු කරගන්න. මේවා රාත්‍රියේදී සමට ආලේප කළ විට, නොයෙකුත් දූෂිත ද්‍රව්‍යවල බලපෑමකින් තොරව ඒවා සමට උරාගෙන සම අළුත්වැඩියා කරන කාර්යය ඉබේම සිද්ද වෙනවා උදේ වෙනකොට.

3. Moisturizer

අවසානයටම මොයිස්චරයිසර් ආලේප කරලා සමෙහි තෙතමනය සීල් කළයුතු වෙනවා.



මෙහි තිබෙන පින්තූර හඳුන්වාදීම පහසු වන සේ යොදාගෙන ඇතිවා  මිසක් මා විසින් නිර්දේශ කරන නිෂ්පාදන නොවන බැව් කරුණාවෙන් සලකන්න.


Comments