GUESS Sale!


Image result for GUESS logo


GUESS කියන්නෙ ඇමරිකන් Clothing Brand එකක්. Marciano සහෝදරයො එකතු වෙලා 1981 දි තමයි මේක පටන් අරන් තියෙන්නෙ. මේ Brand එක ඉක්මනටම ජනප්‍රිය වෙලා අද වෙනකොට ජාත්‍යන්තර වශයෙන් උසස් තත්වයේ සළු පිළි වෙළඳ පොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් නමක් දිනාගෙන සිටිනවා. ඇත්තටම මෙයාලගෙ භාණ්ඩ මිළ අධිකයි. සේල් වල තමයි ඇමරිකන් $ 50 අවට භාණ්ඩ දකින්න ලැබෙන්නෙ. මං මේ ඔයාලට ගෙනාවෙ අන්න ඒ වගේ සේල් දාලා තියෙන ඇඳුම් සහ සපත්තු කොටසක්. ඔය සඳන් කරලා තියෙන ලින්ක් වලට ගියාම මිළ ගණන් වගේම තව තවත් මෝස්තර දැක ගන්න පුළුවන්. ඒ නිර්මාණවල වෙනස බලන්න. අටෝරාශියක් සාක්කුයි, බොත්තමුයි, රේන්ද පටියි අල්ලලා නෑ. බොහොම සරලයි. ඒත් මහපු රෙද්දයි, නිමාවයි ඉස්තරම්.

ඇත්තටම කිව්වොත් අපේ රටේ විකුණන්න තියෙන ඇඳුම් බොහොමයක් නොයෙකුත් විච්චූරණ කරපු අඩු කොලිටියේ රෙදි වලින් මහපු ඒවා. ඒවා අරන් ඇවිත් පිටරටකදි අඳින්න ගියාම මේ වගේ ඇඳුම් එක්ක තියෙන වෙනස පේනවා නේද? ඒ නිසා පිටරටකට යද්දි නම් කීයක් හරි වැඩිපුර දීලා හොඳ රෙද්දකින් මහපු හොඳ නිමාවක් ඇති ඇඳුම් මිළදී ගන්න. දීර්ඝ කාලයක් ඉන්න බලාගෙන යන ගමනක් නම් ඇඳුම් ගොඩාක් අරගෙන එන්නෙ නැතුව සල්ලි අරගෙන එන්න මෙහෙන් ගන්න. ලංකාවෙදි වියදම් කරන මුදලට ආසන්න මුදලක් වියදම් කරලා මේ රටවල් වලට ගැලපෙන විදියේ ඇඳුම් මිළදී ගන්න පුළුවන් එතකොට. නැත්නම් ලංකාවෙන් ගෙනාව ඒවා ඇඳගෙන පාරට බැහැපු වෙලාවෙ ඉඳන් වෙනස පේනවා.

ඩෙනිම් කලිසම්, සපත්තු වගේ ඒවා නම් ලංකාවෙ ලාබයි. ඒත් ඩෙනිම් තෝරද්දි, Ripped Jeans ඇරුනම බොත්තම් අඩුවෙන්ම තියෙන, අරෙහෙන් මෙහෙන් ගොඩක් කෑලි මූට්ටු කරලා විකාර මෝස්තර දාපු ඒවා නැතුව බොහොම චාම් ඒවා තමයි විදේශයකදි අඳින්න තෙරාගන්න ඕන. ඒ වගේම අපේ හමට ගැලපෙන පාටවල් වලින් තෝරා ගන්නත් මතක තියාගන්න. රතු, තද දුඹුරු වගේ වර්ණ අපේ අයට ගැලපෙනවා අඩුයි. තමුන්ගෙ හමට එළියක් ලැබෙන ළා පාටවල් වලින් මහපු ඇඳුම් අපේ අයට ගොඩක් ලස්සනට තියෙනවා.



මෙතැනින් බලන්න.

  මෙතැනින් බලන්න.


මෙතැනින් බලන්න.     


අළුතෙන් ඇඳුමක් මිළදී ගනිද්දි මිළ ඇරුනම ඔයගොල්ලො සැලකිලිමත් වෙන්නෙ මොනවා ගැනද?

Comments