ඇයි මට තව බ්ලොග් එකක් පටන් ගන්න හිතුනෙ….

Image result for new journey brown and white

ඔයාලට හිතේවි මේ වගේ කාලෙක තවත් බ්ලොග් එකක් පටන් ගන්න මට පිස්සුද කියලා. මටත් හිතුනා මුලින්ම. දෙක තුනක් පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි අතහැරලා දම්ම එහෙම හිතුනු නිසාම. ඒ උනාට ආයෙම මට පස්ස ඉරාගෙන යම්, යම් දේවල් සොයන්න ගියාම හිතුනා කවුරු බැලුවෙ නැතත් මටම හරි මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේවි කියලා.

මං ලියන්න ආසයි. හරිම ආසයි. සමහර කාලවලට වෙලාවක් නෑ. ඒත් දැන් මගේ දරුවො දෙන්නා ලොකු හින්දා මට ඉස්සරට වැඩි කාලයක් තියෙනවා ලියන්න. ඉතින් මට හිතුනා සමහර වෙලාවට මං සොයාගන්න මට අළුත් දේවල්, ඔයාලට අළුත් නොවෙන්නත් පුළුවන්, ආපහු බලන්න ඕන වෙනකොට සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා ඒවා සොයාගන්න. ඉතින් හිතුනා ඒවා මේ වගේ තැනක එකතු කරලා තියාගන්න. ඔයාලත් එක්ක ඒවා බෙදාගන්න.

බලමු නේද මගේ වෑයම කොයි තරම් දුරට සාර්ථක වේවිද කියලා...

Comments